දිල්හාර ලොකුහෙට්ටිගේට තවත් දූෂණ චෝදනා

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන දිල්හාර ලොකුහෙට්ට්ගේට එරෙහිව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් චෝදනා 3 ක් ගොණු කර ඇත.

ඒ, අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දුෂණ විරෝධී රීති සංග‍්‍රහයේ වගන්ති 3 ක් යටතේ බව එම කවුන්සිලය නිවේදනය කර තිබේ.

මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කි‍්‍රකට් ආයතනයද දිල්හාර ලොකුහෙට්ටිගේ වෙත මීට සමාන චෝදනා ගොණු කර තිබුනි.

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මෙවර චෝදනා ගොණුකර ඇත්තේ ඊට අමතරවය.

මුදලට තරඟ පාවාදීම, ඒ සදහා උපක්‍රම යෙදවීම හෝ වෙනත් අයෙකු එවැනි ක්‍රියා සදහා පෙළඹවීම හෝ මුදලට තරඟ පාවාදීමට උපක්‍රම යෙදවීම සදහා වෙනත් පාර්ශව සමග සම්බන්ධවීම හා බලපෑම් කිරීම ඔහුට එරෙහිව එල්ල වී ඇති එක් චෝදනාවකි. ඍජුව හෝ වක්‍රව දූෂණ මර්ධන පනත උල්ලංඝනය කිරීම සදහා බලපෑම් කිරීම දිරිගැන්වීම දෙවැනි චෝදනාව ලෙස සදහන් වේ.

ඔහුට එල්ල කර ඇති තෙවන චෝදනාව වන්නේ දූෂණ කටයුතු සදහා සිදුවන පරීක්‍ෂණවලට අවශ්‍ය කරුණු කාරණා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයට හෙළි කිරීමට සමත් නොවීම ය.

මෙම චෝදනා සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරිමට දිල්හාර ලොකුහෙට්ටිගේ වෙත දින 14 ක කාලයක් ලබාදී තිබේ. එම කාලය ඊයේ(03) දින සිට ක්‍රියාත්මක බව ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *