(කොළඹ, ලංකාපුවත්) – සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් පාරිභෝගිකයන්ට සහන සැලසීම සදහා භාණ්ඩ වර්ග 200 ක මිළ ගණන් අද(05) සිට අඩු කරන බව ලංකා සතොස ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම්, රොෂාන් එස් හස්සන් මහතා පවසයි.
ඒ අනුව පහත සදහන් භාණ්ඩ වල මිල අඩු කර ඇත.
රතු පරිප්පු රු. 112 සිට රු. 110 දක්වා, දේශීය සම්බා රු.88 සිට රු.84 දක්වා, රතු සහල් 59 සිට 57, සුදු සහල් 70 සිට 67, සුදු සිනි 99 සිට 97, හාල් මැස්සන් රු. 680 සිට 669, ටින් මාළු 200 සිට 195 දක්වා, ලොකු ළුණු 79 සිට 75 දක්වා අඩු කර තිබේ.
අදාළ මිල ගණන් දිවයින පුරා ක්‍රියාත්මකය.
පාරිභෝගිකයන්ට ලංකා සතොස මෙලෙස සහන ලබාදෙන්නේ මහාභාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල් ප්‍රතිපාදන අනුවය.