හතරවන කාර්මික විප්ලවයට ගැලපෙන අලුත් ආර්ථික රටාවක්

(කොළඹ, ලංකාපුවත්) – හතරවන කාර්මික විප්ලවයට ගැළපෙන අලුත් ආර්ථික රටාවක් සහ අලුත් විශ්වවිද්‍යාල පද්ධතියක් සකස් කිරීම සදහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඊයේ(04) පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ ශ්‍රවනාගාරය විවෘත කෙරුණි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ලක්ෂ්මන් දිසානායක ශ්‍රවනාගාරය ලෙස එය නම් කර ඇත.

අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, රවුෆ් හකීම්, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලක්ෂ්මන් දිසානායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − 5 =