උතුරු මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවරයින් 18ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහු‍දේ ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 18දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ධීවර පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (04)දිනයේ දී ය.

පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට වයඹ දෙසින් නාවික සැතපුම් 16 පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ට අයත් ධීවර යාත්‍රා 03 ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

එම ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා යාපනය, නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති බව නාවික හමුදාව පවසයි.

ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත බාර දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *