ලන්ඩන් නීති සරසවියෙන් ෂාරුක්ට ගෞරව උපාධියක්

(කොළඹ, ලංකාපුවත්) – බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ඊයේ(04) තවත් ජයග්‍රහණයක් ලබමින් ඔහුගේ සිව්වන ගෞරව උපාධිය හිමිකරගැනීමට සමත් විය.

මෙම ගෞරව ආචාර්ය උපාධිය ඔහුට ලබාදි තිබුනේ ලන්ඩනයේ නීතිය පිළිබඳ විශ්ව විද්‍යාලයෙනි.( University of Law in London). 2005 වසරේදී බෙඩ්ෆෝශෙයාර් විශ්ව විද්‍යාලයෙන්ද , 2015 වසරේදී එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන්ද හා 2016 වසරේදී ජාතික උර්දු විශ්ව විද්‍යාලයෙන්ද ආචාර්ය උපාධි ත්‍රිත්වයක් ලැබ තිබූ අතර ඊයේ ලන්ඩනයේ නිතී විද්‍යාලය මගින් තවත් ගෞරව ආචාර්ය උපාධියක් ඔහුට පිරිනමනු ලැබීය.

වසර ගණනක් තිස්සේ නළුවෙක් ලෙස ඔහු විසින් කල සේවය මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, රූපවාහිනී නිවේදකයෙක් ලෙස මෙන්ම ධානපතියෙක් ලෙස සිදුකල සේවාවන් ඇතුළුව “My Name Is Khan“ චිත්‍රපටයේ රංගනයේ යෙදෙමින් ඉන්දියානුවන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීම හා පෝලියෝ මර්ධණ හා එච්.අයි.වී මර්ධන ව්‍යාපාරවලට සෘජු දායකත්වයක් ලබාදීම වැනි කරුණු ගණනාවක් හේතුකොටගෙන ඔහුට මෙම ආචාර්ය උපාධිය පිරිනමා තිබුණි.

“ඔබට පුණ්‍ය කටයුතු කිරීමට අවශ්‍ය නම් එය නිශ්ශබ්දව හා ගෞරවයෙන් කරන්න. වාසිය හෝ ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් කිසියම් වූ දෙයක් කිරීම එතරම් හොඳ දෙයත් නොවේ“. තම සිව් වන ආචාර්ය උපාධිය ලබමින් ෂාරුක් ඛාන් තම ස්තූති කතාවේදී ප්‍රකාශ කර තිබේ.

මෙම සුපිරි තරුව මේවන විට 53වැනි වියෙහි පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *