වයස 19 දී ජීවිතයට සමුදුන් දිව්‍යා ගැන සංජේ කපූර් තැබූ සටහන

(කොළඹ, ලංකාපුවත්) – 90 දශකයේ මුල් භාගයේ හින්දි සිනමාවට අලුත් තරුවක් ලෙස දිව්‍යා භාරතී එක්වූ අතර ඇය ඒ වන විටත් දකුණු ඉන්දීය සිනමාව තුළ නමක් දිනා සිටි චරිතයක් විය.

රංගනයේ මෙන්ම නර්තනයේ ඇය ප්‍රකට කළ දක්ෂතාව කෙටි කලක් තුළ ඇය ඉහළ තලයකට රැගෙන ඒමට සමත් විය.

ශාරුක් ඛාන් ජනප්‍රියත්වයට ඔසවා තැබූ Deewana චිත්‍රපටය ඔබට මතකද? කාජල්ට ප්‍රථම, ශාරුක් ඛාන්ට තිරයේ හොඳින්ම ගැලපෙන පෙම්වතිය වුයේ දිව්‍යා භාරතී ය.

1992 වසර තුළ පමණක් ඇය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 24 කි. එය මේ දක්වා කිසිඳු බොලිවුඩ් රංගන ශිල්පියෙකු / ශිල්පිනියක නොතැබූ වාර්තාවක් ලෙස එය හැදින්වේ.

දිව්‍යා 1992 වසරේ දී චිත්‍රපට අධ්‍යක්‍ෂ සහ නිෂ්පාදක සජිඩ් නදිඩ්වාල් සමඟ විවාහ විය.

කෙටිකලක් තුළ වේගවත් ගමනක් පැමිණි දිව්‍යා 1993 වසරේ අද(05) වැනි දිනක ඇය පදිංචි වී සිටි මහල් නිවාස සංකීර්ණයේ පස්වැනි මහලෙන් බිමට නොවැටෙන්න, ඇගේ දෛවය බොහෝ සෙයින් වෙනස් එකක් වන්නට ඉඩ තිබුනි. මේ වන විට එම සිදුවීමට වසර 26ක් ගතව තිබේ.

දිව්‍යාගේ සමකාලීනයෙක් වන බොලිවුඩ් නළු සංජේ කපූර් මෙම සිද්ධිය පිළිබඳව යළිත් වසර 26කට පසු සිහිපත් කරමින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ සටහනක් තබා තිබේ. එහි දැක්වෙන්නේ “ඔබව සැම විටම පාහේ සිහිපත් වනවා“ (You will always be missed, #april5th #1993#26thdeathanniversary #divyabharti”)යනුවෙනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *