අලුත් අවුරුද්දට විශේෂ ප‍්‍රවාහන සේවා අද සිට

(කොළඹ, ලංකාපුවත්) – අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා අද(08) සිට ආරම්භ කෙරේ. බස් රථ සේවා අදියර දෙකක් යටතේ ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව පළමු අදියර අද සිට ලබන 13 වනදා දක්වා ක‍්‍රියාත්මකය. එසේම ලබන 22වනදා දක්වා කොළඹ සිට අනෙකුත් ප්‍රදේශ දක්වා විශේෂ බස් රථ ධාවන වැඩපිළිවෙලකින් ද සමන්විත වේ.

සාමාන්‍ය ධාවනය යටතේ බස්රථ 1350ක් සහ ඊට අමතරව අතිරේක බස් රථ 1500ක්ද ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප‍්‍රවාහන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ටී. එච්. ආර් ටී චන්ද්‍රසිරි මහතා පැවසීය.

එසේම අධිවේගී මාර්ගවල බස්රථ ගමන් වාරද වැඩි කර ඇත. මෙවර මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ සිටද විශේෂ ප‍්‍රවාහන සේවා ක‍්‍රියාත්මකවේ.

මේ අතර විශේෂ දුර ගමන් දුම්රිය සේවා ද ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ අනුව අනිද්දා(10) සිට ලබන 17වනදා දක්වා විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කරනු ඇත.

කොළඹ සිට යාපනය, මහනුවරථ බදුල්ල, බෙලිඅත්ත ප්‍රදේශ සදහා ද විශේෂ දුම්රිය යොදවා තිබේ. එසේම නගරාන්තර ධාවනය සදහා වැඩි දුම්රිය ප්‍රමාණයක් යොදවා ඇති බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *