ඩුබායිවලින් පිටුවහල් කළ තවත් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –මාකඳුරේ මදූෂ් සමඟ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව, එරටින් පිටුවහල් කළ තවත් දෙදෙනෙකු අද(08) අලුයම යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇත.

ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ය.

මෙලෙස පිටුවහල් කර ඇත්තේ කොළඹ10,මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් හා කොළඹ 10,ජුම්මා මස්ජිත් මාවතේ පදිංචි 30 හැවිරිදි මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් යන සැකකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය බාරයට ගෙන තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 2 =