බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍ර ගැන බොහෝ පිරිස් කණස්සල්ලෙන්

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා සංගමයේ රැඳී සිටීම දීර්ඝ කර ගැනීමට‍ බ්‍රිතාන්‍ය උත්සාහ දරමින් සිටියද, බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍ර ඊට හාත් පසින්ම වෙනස් මාර්ගයක ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

එක්සත් රාජධානි ගුවන් ගමන් බලපත්‍රයේ ඉදිරි කවරයේ මෙතෙක් පැවැති “යුරෝපී සංගමය” නම්
වචන රහිතව නව ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කරන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් බොහෝ පිරිස් සිය කණස්සල්ල පළ කරන අතර තවමත් යුරෝපා සංගමයේ සාමාජිකයන් බැවින් එය ඉවත් කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බව නව ගුවන් ගමන් බලපත්‍රලාභීහු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 2 =