අමෙරිකාවේ තවත් ලේකම්වරියක් ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ ලේකම් කර්සටන් නීල්සන් මහත්මිය ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇය ඊට හේතුවක් දක්වා නොමැත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙක්සිකානු දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඇත්වූ ගැටලු හේතුවෙන් ඇය ඉල්ලා අස්වන බව ද වාර්තා වේ.

මෙම ලේකම්වරිය 2017 වසරේ ජනවාරි මස සිට මෙම ධූර්යේ කටයුතු කළාය. ඇය, ඉකුත් වසරක පමණ කාලයක සිට මතභේදවලට මුහුණ දෙමින් ධූරයේ කටයුතු කළ බව සදහන් වේ.

ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ඇය කියා සිටියේ, එම ධුරයේ කටයුතු කිරීමට ලැබීම තමාට ගෞරවයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *