ඉන්දියාවට ඉම්රාන් ඛාන්ගෙන් චෝදනාවක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව යුධ මානසිකත්වයෙන් පෙළෙන බවට පකිස්ථානය චෝදනා කරයි.

සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින්, පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙසේ ප්‍රකාශ කරන්නේ පකිස්ථාන ගුවන් හමුදාවට අයත් F 16 වර්ගයේ ප්‍රහාරක යානයක් බිම හෙලූ බවට ඉන්දියාව සිදු කරන ප්‍රකාශ වලට ප්‍රතිචාර දක්වමිනි. F 16 යානයක් බිම හෙලූ බවට ඉන්දියාව ප්‍රකාශ කල ද තම ගුවන් හමුදාවට අයත් F 16 ප්‍රහාරක යානා සියල්ලම එලෙස පවතින බව එරට ආරක්ෂක අංශ තහවුරු කරයි.

මේ සියල්ලටම හේතුව ඉන්දීය භාරතීය ජනතා පක්ෂ නායකයන් පකිස්ථාන භීතිකාවක් මවා පෑමට උත්සාහ කිරීම බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය ටිව්ටර් සටහනෙන් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *