ජිම්නාස්ටික් ක්‍රීඩිකාවට සිදු වූ අනතුර

(කොළඹ, ලංකාපුවත්) – තරඟයක් අතරතුර දණහිස් දෙක කැඩී යාම නිසා විශ්ව විද්‍යාලයීය ජිම්නාස්ටික් ක්‍රීඩිකාවකගේ ක්‍රීඩා දිවිය අවසන් කිරීමට සිදු වූ පුවතක් අමෙරිකාවේ ඔබර්න් විශ්ව විද්‍යාලයෙන් වාර්තා වේ.

22 හැවිරිදි සමන්තා සිරියෝ තරඟයේ නිරතව සිටියදී පොළවට පතිත වීමකදී මෙම අනතුර සිදු වී ඇත. ජිම්නාස්ටික් කණ්ඩායමේ ජ්‍යෙෂඨ ක්‍රීඩිකාවක් වන ඇය වේදනාවෙන් කෑ ගසමින් බිම දිගා වූ අයුරු නරඹන්නන් ද වේදනාවට පත් කර තිබුණි.

මෙම දරුණු අනතුරින් පසු තමාට ක්‍රීඩාවෙන් සමු ගැනීමට සිදු විය හැකි බව ඇය ප්‍රකාශ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − five =