දුම්රිය-බස් අද මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයක

(කොළඹ, ලංකාපුවත්) – වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (09) මාධ්‍යම රාත්‍රීයේ සිට සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ සිය ගැටළුවලට අවස්ථා ගණනාවකදී විසඳුම් ලබාදීමට බලධාරීන් එකඟතාව පල කළ ද මෙතෙක් අදාළ එකඟතා ක්‍රියාත්මක වී නොමැති බවයි.

වර්ජනය හේතුවෙන් හෙට(10) දිනයේ දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බව ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ද අද මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

එම සංගමයේ සංවිධායක යු.කේ.කුමාරරත්න මහතා සඳහන් කළේ රජය විසින් හඳුන්වා දී ඇති නව දඩ මුදල්වලට විරෝධය පල කරමින් මෙම වර්ජනය සිදුකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *