නව නිපැයුම්කරුවන්ගේ කොමිසමට නව කොමසාරිස්වරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින්, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නව කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය රංගික හල්වතුර මහතා පත්කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙකු වන හල්වතුර මහතා 2017 වසරේදී ලෝක විද්‍යා ඇකඩමිය මගින් පිරිනමනු ලබන තුන්වන ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.

වර්තමාන ශ්‍රී ලංකාවේ සිටින ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ ලාබාලතම මහාචාර්යවරයා වන රංගික හල්වතුර මහතා ප්‍රායෝගික නව නිර්මාණශිල්පියෙකු ලෙස නිර්මාණකරණයේ යෙදෙයි.

එම කොමිසමේ සහකාර කොමසාරිස්වරුන් ලෙස මහාචාර්ය දයාල් ප්‍රේමකුමාර ද කොස්තා සහ යසස් චන්ද්‍ර ද සිල්වා යන මහත්වරුන් අමාත්‍යවරයා විසින් පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *