IPL පිටියට චමරි අතපත්තු එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – IPL ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප‍්‍රදර්ශනාත්මක කාන්තා ක‍්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීමට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට අවස්ථාව හිමිව තිබේ.

කණ්ඩායම් 03ක් තරග වදින එම තරගාවලිය සඳහා සහභාගී වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ද තමන්ට අවසර ලබාදුන් බව ඇය සදහන් කරයි.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ IPL පිරිමි තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන කාල සීමාවේදී ය. මැයි මස 02 වැනිදා සිට 13 වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *