අලුත් අවුරුද්දට පැළ ලක්ෂ දෙකක් සිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – දස කෝටියක් පැළ සිටුවීමේ ජාතික ව්‍යාපෘතියට සමගාමීව “නැකතට පැළයක්” යන තේමාව යටතේ මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පැළ ලක්ෂ දෙකක් සිටුවීමේ ජාතික මහෝත්සවය 2019 හෙට(11) සවස 3.00 ට බත්තරමුල්ල සුහුරුපාය බිම් මහලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ සංකල්පය මත වසර කීපයක් පුරා ක්‍රියාත්මක වන මෙම දස කෝටියක් පැළ සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා මැති ඇමතිවරුන් රැසක් මෙවර ද සහභාගී වීමට නියමිතය.

පැමිණෙන සියළුම දෙනාට ටොම් ඊ.ජී.සී. අඹ පැළ සහ කටු අනෝදා පැළ දස දහසක් ලබා දීම ද මෙහිදී සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + 12 =