අවුරුදු සේවා බස් වැඩිපුර මුදල් අයකළොත් කියන්න

(කොළඹ, ලංකාපුවත්) – අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන ජනතාවගෙන් වැඩිපුර බස්රථ ගාස්තු අය කිරීම් හෝ මගී ප්‍රවාහන සේවා සම්බන්ධ යම් ගැටලුවක් ඇති වුවහොත් 1955 ක්ෂණික ඇමතුම් අංකයට දැනුවත් කරන්නැයි ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.

අවුරුදු සේවා ක්‍රියාත්මක කිරීමේදී අපට නිතරම ලැබෙන පැමි‍ණිල්ල වන්නේ වැඩිපුර ගාස්තු අය කිරීම. ඒ නිසා වැඩිපුර මුදල් ගැනීම වැළැක්වීමට අපි විශේෂ වැඩපිළිවෙලක් සකසා තිබෙනවා. ඒ යටතේ බස්රථය පිටත්වීමට පෙර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට අපි උපදෙස් දී තිබෙනවා. ඒ වගේම බස්රථය තුළ ගාස්තු සටහන් කිරීමටත් ජංගම පරීක්ෂණ කණ්ඩායම් යෙදවීමටත් කටයුතු යොදා තිබෙනවා. කිසියම් හෝ ගැටලුවක් ඇති වුවහොත් 1955 ක්ෂණික ඇමතුම් අංකයට දැනුවත් කරන ලෙසත් මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා….”යැයි ද ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

එළැඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් අගනුවර සිට ගම්බිම් බලා යන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය වි‍ශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇත. ඒ යටතේ අතිරේක දුම්රිය සේවා ගමන්වාර 65ක් සහ ලංගම බස්රථ 1500ක් සහ පෞද්ගලික බස්රථ 600ක් ධාවනයට සූදානම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *