විදුලි අර්බුදය විසඳීමට අගමැතිගේ සභාපතීත්වයෙන් කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – වර්තමානයේ ඇතිවී තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන් විත කමිටුවක් පත් කරයි.

මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කර තිබේ.

මුදල් සහ විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන, මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන, වරාය හා නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යවරුන් මෙම කමිටුව සඳහා නිර්දේශ කර ඇත.

විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 13 =