අයෝජන මණ්ඩලට නව සභාපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති වශයෙන් මංගල පී. බී. යාපා මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය පත් කර තිබෙන අතරල ඒ මහත්මිය ද අද ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *