මෙවර ඉන්ධන මිල සංශෝධනය නොවෙයි

(කොළඹ, ලංකාපුවත්) –අවුරුදු සමයේ දී ජනතාවට සහනයක් වන පරිදි මෙවර ඉන්ධන මිල සංශෝධනය නොකරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මාර්තු මාසයේ දී අමෙරිකානු ඩොලර් 67ක්ව පැවති බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 74ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ නිසා ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 7කින් ඉහළ ගොස් තිබේ. වැඩිවූ මිලට සාපේක්ෂව මිළ සූත්‍රය අනූව ඉන්ධන මිල ඉහළ දැමිය යුතුය. එහෙත්, උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීම සඳහා කිසිඳු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකිරීමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍යා මංගල සමරවීර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *