හදිසි ආපදාවන් සඳහා රුපියල් මිලියන 350ක උපකරණ බෙදා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – හදිසි ආපදා තත්ත්වයන් හිදී ප්‍රයෝජනයට ගැනීම සඳහා රුපියල් මිලියන 350ක් වටිනා රබර් බෝට්ටු ඇතුළු භාණ්ඩ කිහිපයක් යුධ,ගුවන්, නාවික හමුදා සහ පොලීසිය වෙත බෙදා දීම පසුගියදා (10) රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ ,කොළඹ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැති උත්සවයක දීය.

මෙම භාණ්ඩ අතර ජීවිතාරක්ෂක කබා, දියේ ගිලෙන අය බේරා ගැනීම සඳහා වන කඹ, ශබ්ද වාහිනී උපකරණ ඇතුලත් වේ.

මෙම උපකරණ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි බෙදා දෙන අතර ඒ සඳහා 2019 අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇත.

මිට අමතරව නිවැරදි කාළගුණ අනාවැකි ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි ජපානයේ ජයිකා (JICA) ආයතනයේ ආධාර ඇතිව කාළගුණ දෙපාර්තමේන්තුවට නවීන උපකරණ ලබා දීමට පියවර ගන්නා බවද ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *