බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනම ආවරණයවන පරිදි පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී බීමත් රියදුරන් 245 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ඊයේ(11) පෙරවරු 06.00 සිට අද(12) පෙරවරු 06.00 දක්වා කාලය තුළ එම මෙහෙයුම සිදුකර තිබුනි.

මීට අමතරව රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 10,170කට නඩු පැවරීම් සිදුකර ඇත.

උත්සව සමයේ දී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ දිනයේ සිට ලබන 20 වනදා දක්වා දීප ව්‍යාප්තව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *