වී මිළදී ගැනීම අද සිට යළිත්

(කොළඹ, ලංකාපුවත්) –වී මිළදි ගැනීම අද සිට යළි ආරම්භ කරන බව වී අළෙවි මණ්ඩලය ප‍්‍රකාශ කරයි. මාසයක කාලයක් ඒ සඳහා වී ගබඩා විවෘත කර තැබිමට කටයුතු යොදා තිබේ.

ගොවීන්ට කිසිදු අපහසුවකින් තොරව වී තොග ලබාදිය හැකි බවත් අළෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා සඳහන් කළේය. ජංගම මිළදී ගැනීමේ මධ්‍යස්ථාන ආරම්භ කිරිමටත් අවදානය යොමුව ඇත.

වී තොග සහල් බවට පත්කිරිමේ ක‍්‍රියාවලියක් ද ආරම්භ කරන බව සභාපතිවරයා පැවසීය. වී අළෙවි මණ්ඩලය මේ වනවිට මිලදි ගෙන ඇති වී ප‍්‍රමාණය මෙට්‍රික්ටොන් හතළිස් අටදහසකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + four =