දසදෙනෙකුට මරු කැදවූ මහියංගණය රිය අනතුර

(කොළඹ, ලංකාපුවත්) –මහියංගණය – බදුල්ල මාර්ගයේ මහියංගණය ජාතික පාසල ඉදිරිපිටදී අද (17) අලුයම 1.30ට පමණ වෑන් රථයක් සහ පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ රියඅනතුරකින් පුද්ගලයින් 10 දෙනෙක් මියගොස් තිබේ.

ත්‍රිකුණාමලය සිට දියතලාව බලා ධාවනය වූ බස්රථයක, බදුල්ල දෙස සිට මහියංගණය දෙසට ධාවනය වූ වෑන් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී වැන් රථයේ පුද්ගලයින් 12 දෙනෙක් ගමන් කර ඇත. තුවාල ලැබූ ඔවුන් මහියංගණය රෝහලට ඇතුලත් කිරීමේ දී ඉන් 10දෙනෙකු මිය ගොස් තිබේ. මිය ගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 04දෙනෙකු, කාන්තාවන් 03දෙනෙකු සහ කුඩා දරුවන් 03දෙනෙකු වේ.

බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවන් දෙදෙනෙකු මේවන විට මහියංගණය රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *