මදූෂ්ගේ ඥාතියෙක් ඇතුළු 06ක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –මාකඳුරේ මදූෂ් සමග ඩුබායි හීදි අත්අඩංගුවට පත්ව පසුව ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරුණු තවත් පුද්ගලයන් 06 දෙනෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ප්‍රබල අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මාකඳුරේ මදූෂ් නැමැත්තාගේ ඥාති සහෝදරයෙකුද මෙම පිරිස අතර වේ.

එහිදී එම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

ඩුබායි සිට පිටුවහල් කළ පුද්ගලයින් 06 දෙනාගේ නම් පහත පරිදි වේ.

මොහොමඩ් රිසාන් මොහොමඩ් බදුර්දීන්.
මහවත්තගේ ගයාන් බුද්ධිම පෙරේරා.
මොහොමඩ් හිබ්‍රි මොහොමඩ් ජබීර්.
සුරේෂ් වසන්ත රණසිංහ.
රූපදාස සයිමන් හේවගේ.
නිලාන් රොමේෂ් සමරසිංහ. (මාකඳුරේ මදූෂ් නැමැති අයගේ ඥාති සහෝදරයෙකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *