ඇමති මංගල හා එ.ජා. මහ ලේකම් අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා අඛණ්ඩවම සහයෝගය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා සදහන් කරයි.

අමෙරිකාවේ නිල සංචාරයක නිරතව සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවූ අවස්ථාවේ දී මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ලාංකික ජනතාවට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව ඔහු එහිදී වැඩිදුරටත් තහවුරු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *