ඩුබායිවලින් පිටුවහල් කළ තවත් දෙදෙනෙකු ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –ඩුබායි අත්අඩංගුවේ සිට පිටුවහල් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අද(18) අලුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

පියල් පුෂ්ප කුමාර සහ මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් නැමැති පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස දිවයිනට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු ඒකකය භාරයට ගෙන ඇත.

ඊයේ(17) තවත් පුද්ගලයින් 06 දෙනෙකු ඩුබායි සිට මෙරටට පිටුවහල් කෙරුණි. එම පුද්ගලයින් 06 දෙනාගෙන් එක් සැකකරුවෙකු වන ගයාන් බුද්ධික පෙරේරා නැමැත්තා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබේ.

ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඇතුලු 31දෙනෙකු කොකේන් තොගයක් සමග ඩුබායි හී පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක පැවති සාදයක් අතරතුර එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ පසුගිය පෙබරවාරි මස 5 වනදායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × four =