දෙදිනකදී සුවසැරියෙන් 1500කට සේවය

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සුවසැරිය ගිලන් රථ සේවය හරහා පුද්ගලයන් 1,452කට සේවය සැපයීමට හැකිවූ බව සුවසැරිය ගිලන්රථ සේවයේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතා පැවසීය.

පසුගිය අප්‍රේල් 15 වැනිදා පුද්ගලයන් 692කට සේවය සපයා ඇති අතර එයින් 128ක් රිය අනතුරු වේ. එසේම අප්‍රේල් 16 වැනිදා පුද්ගලයන් 762කට සුවසැරිය ගිලන් රථ සේවය සපයා තිබේ. ඒ අතර රිය අනතුරුවලට ලක්වූ පුද්ගලයන් 175 දෙනෙකුද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *