පාකිස්ථානයේ බස් රථයේ සිටි 14ක් වෙඩි තබා ඝාතනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පකිස්ථානයේ කරච්චි නගරයේ සිට ගවඩාර් නගරය වෙත අද (18) පෙරවරුවේ ගමන් කරමින් තිබූ බස් රථයක් පැහැරගත් පුද්ගලයෙකු විසින් රථයේ සිටි 14දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මගීන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව තෝරාගත් පිරිසක් ඝාතනය කර ඇතැයි මූලික පරීක්ෂණ වලින් අනාවරණය වි ඇත.

ඔහු ඝාතනය කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ කුමන පදනමක් මතද යන්න පිලිබඳ පැහැදිලි නැති බව පොලිසිය සඳහන් කරයි.

මෙම ඝාතන සිදුව ඇති බලුකිස්ථාන ප්‍රාන්තය බෙදුම්වාදීන් සහ ඉස්ලාම් සටන්කාමින් යන දෙපිරිසම ක්‍රියාත්මකව සිටින ප්‍රදේශයක වන බවත් කියැවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 5 =