ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට ඉල්ලා අස්වන ලෙස ජනපති දැනුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සිය ධුර වලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැනුම් දී තිබෙන බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ බව ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය කාර්යාලය වෙතද දැනුම්දී ඇති බව වාර්තාවේ.

මේ අතර ජනාධිපතිතුමා ඊයේ (23) ප්‍රකාශ කළේ පැය 24 ක් තුළ ආරක්ෂක ප්‍රධානීන්ගේ වෙනසක් සිදුකරන බවයි.

ත්‍රස්ත ප්‍රහාර පිළිබදව දැනුවත්ව සිටියදී ඊට පියවර නොගත් බවට ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට විවිධ පාර්ශ්ව වලින් දැඩි චෝදනා එල්ල විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + two =