ඉම්රාන් ඛාන් සොව පළ කරයි

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (24) උදෑසන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් අමතා පසුගිය දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කළේය.

ත්‍රස්තවාදය හේතුවෙන් පාකිස්තානු වැසියන් 70,000 ක් පමණ ජීවිතක්ෂ යට පත්ව ඇති බව සඳහන් කළ ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ත්‍රස්ථ ක්‍රියා මැඩලීම වෙනුවෙන් සිය සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බව ද පැවසීය.

අත්‍යවශ්‍ය මොහොතක මෙසේ උපකාර කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙරටේ දිගු කාලීන මිත්රතත්වය ආරක්ෂා කරලීම උදෙසා දිගින් දිගටම කටයුතු කිරීම පිළිබඳව පකිස්තානු අගමැතිවරයාට සිය ප්‍රශංසාව පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 4 =