තිස්ස අත්තනායක නඩුවෙන් නිදහස්

(කොළඹ, ලංකාපුවත්) –වත්මන් ජනාධිපතිවරයාගේ සහ වත්මන් අගමැතිවරයාගේ අත්සන් පසුගිය ජනාධිපතිවරණය සමයේදී ව‍යාජ ලෙස යොදා කූඪ ලේඛනයක් මාධය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට චෝදනා නගමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කරන ලදි.

නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකගතාවය පලකර ඇති බව නීතිපතිවරයා දැනුම් දීමෙන් පසුව අධි චෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා තීරණය කළේය.

මෙම නඩුව සම්බන්ධයෙන් තිස්ස අත්තනායක කණගාටුව පල කර සමාව අයැද සිටිමෙන් අනතුරුව ඔහු නඩුවෙන් මුදාහැරීමට මහාධිකරණය නියෝග කළේය. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට නියෝග කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *