විමර්ශන සඳහා බ්‍රිතාන්‍ය කණ්ඩායමක් ළගදීම දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –තමන් වරෙක මුහුණදුන් අවාසනාවන්ත අත්දැකීමට සමාන අවස්ථාවකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති බවත්, ත්‍රස්තවාදී ක්‍රියා මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබාදීමට සූදානම් බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය ඊයේ (23) රාත්‍රියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනය ඔස්සේ අමතමින් ප්‍රකාශ පැවසුවාය.

විපතට පත් ශ්‍රී ලාංකිකයින් වෙත ශෝකය පළ කිරීම සම්බන්ධයෙන් තෙරේසා මේ මහත්මියට අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පළ කර සිටියේය. මෙම ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වූ විමර්ශනවලට සහාය පළ කිරීම සඳහා බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද එතුමිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 5 =