සියළු ධීවර යාත්‍රා දැඩි පරීක්ෂාවට

(කොළඹ, ලංකාපුවත්) –රටතුල පවතින තත්වය සලකා ආරක්‍ෂක අංශවලට සහය ලබාදෙමින් සියළු ධීවර වරායන්වල ආරක්‍ෂාව උපරිමයෙන් සහතික කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධීවර වරාය නීතිගත සංස්ථා සහ වගකිවයුතු සියළු නිලධාරීන් වෙත දැඩි උපදෙස් ලබා දී ඇත.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ආරක්‍ෂක අංශ සිදුකරන මෙහෙයුම් සදහා සහය ලබාදීමට මෙන්ම රටතුල ආරක්‍ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සදහාත් මෙම පියවර ඉතා වගකීමෙන් ඉටුකිරීමට අවශ්‍ය සියළු පියවර ගන්නා ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා නියෝග කළේය .

මෙම ආරක්‍ෂක කටයුතු සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය මෙන්ම පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ සමග මනා සම්බන්ධීකරණයකින් අදාළ ආරක්‍ෂක කටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කරන ලෙසටද උපදෙස් ලබා දී තිබේ .

ආරක්‍ෂක අංශවලට අත්‍යවශ්‍ය සැකකටයුතු යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් රටින් බැහැරව යාම වැලැක්වීම සදහා සියළු ධීවර වරායන් වෙත පැමිණෙන පිරිස් හා පුද්ගලයින් පිලිබදව දැඩි අවදානය යොමුකර ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කිරීම සියළු ධීවර වරායන්හී ආරක්‍ෂක අංශ කටයුතු කලයුතු සේම , ධීවර යාත්‍රා උපයෝගී කරගනිමින් රටතුලට පැමිණෙන සහ රැගෙන එන භාණ්ඩ පිළිබදවද දැඩි අවදානය යොමුකර කටයුතු කිරීම සදහා සියළු ධීවර වරායන් ආශ්‍රිතව ආරක්‍ෂක කම්ටු පිහිටුවා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට කටයුතු කලයුතු බවටත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් ලබා දී ඇත .

එලෙසම යම් ධීවර යාත්‍රාවක් බාහිර පුද්ගලයන්ට භාවිත කල නොහැකි ලෙස ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසටද ධීවර වරාය නීතිගත සංස්ථාවට උපදෙස් දී තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *