බෝම්බ ප්‍රහාර මාලාවෙන් 359ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය පිරිස 359 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

විමර්ශන යටතේ දිවයින පුරා පුළුල් සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. බේරුවල, අලුත්ගම-දර්ගා නගරය, වරකාපොළ සහ මීගමුව කටුවාපිටිය ප්‍රදේශයන්හි ඊයේ(23) රාත්‍රී ක්‍රියාත්මක කෙරුණු සෝදිසි මෙහෙයුම්වලදී විවිධ උපකරණ හා රථවාහන සමඟ 18 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

වරකාපොළ-අඟුරුවැල්ල මාර්ගයේ මොහොමඩ් මෂ්ජීඩ් මාවතේ නිවසක් පරීක්‍ෂා කළ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්‍ෂක අංශ එහි සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, වෝර්කි-ටෝර්කි උපාංග 04ක්, එස්.ජී.පී.එච්. 3779 දරණ වෑන් රථය හා යතුරු පැදියක් ද සමඟයි.

එම සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව මාවනැල්ල, හෙම්මාතගම ප්‍රදේශයේ දී තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව, පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *