ට්‍රම්ප් ජුනි මාසයේ එංගලන්තයේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන ජූනි මාසයේ දී එක්සත් රාජධානියේ දින තුනක සංචාරයක නිරත වන බවත් එමගින් පවතින සබඳතා තව දුරටත් ශක්තිමත් වනු ඇති බවත් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ විශ්වාසය පළ කරයි.

මේ අතර එංගලන්තයේ බකිංග්හැම් මාලිගය නිවේදනය කරන්නේ එළිසබෙත් රැජිණ විසින් කරන ලද ආරාධනය පිළිගනිමින් ජනාධිපති ට්‍රම්ප් ජූනි තුන් වැනිදා සිට පස් වැනි දා දක්වා එරට සංචාරය කරන බවයි. එහිදී අගමැතිනි තෙරේසා මේ සමග සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත බව එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වුවත් අමෙරිකානු ජනාධිපතිවරයා හා බ්‍රිතාන්‍ය අගමැතිනිය අතර වැඩි සුහදතාවයක් නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් ගේ විවේචනයට ලක්ව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × one =