බෝම්බ ප්‍රහාරවලින් ළමුන් 45ක් මිය ගිහින් – යුනිසෙෆ්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ හෝටල් සංකීර්ණ ඉලක්ක කර ගනිමින් පසුගිය ඉරිදා (21) සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් ළමයින් 45 කට අධික පිරිසක් මියගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය වාර්තා කර තිබේ.

ඒ අතර විදෙස් ජාතික ළමයින්ද සිටින බව එම සංවිධානය වාර්තා කර ඇත. එසේම ප්‍රහාරවලට ලක්වූ තවත් ළමයින් විශාල පිරිසක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ප්‍රහාර හේතුවෙන් ඇතැම් ළමයින්ට මව්පිය රැකවරණයද අහිමි වී ඇති බවක් යුනිසෙෆ් සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාර මාලාව යුනිසෙෆ් සංවිධානය දැඩිව හෙළා දකින බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙම ප්‍රහාරවලින් ළමුන්ට සිදු වූ බලපෑම් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු රැස්කිරීම සදහා යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකා රජය හා සමීපව කටයුතු කරමින් සිටී. ළමුන් ප්‍රතිකාර ගන්නා රෝහල්වලට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය හිඟයක් ඇති අතර යුනිසෙෆ් සංවිධානය ඒවා ලබා දෙමින් පවතී.

එසේම පවුල්වලින් මගහැරී ඇති ළමුන්ට ඔවුන්ගේ දෙමාපියන් හෝ ඥාතීන් හඳුනාගැනීම සදහා පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව හට යුනිසෙෆ් සංවිධානය අවශ්‍ය මූල්‍ය හා තාක්‍ෂණික සහාය සපයමින් ලබාදෙමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *