සමාජ ජාල ත්‍රස්ත ප්‍රවර්ධනය වැළැක්වීමට සමුළුවක්

(කොළඹ, ලංකාපුවත්) – සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කෙරෙන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවක් නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩ්න් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ගේ සම ප්‍රධානත්වයෙන් මැයි මාසයේ දී පැරීසියේ දී පැවැත්වීමට නියමිතය.

මෙහිදී ලොව පුරා තාක්ෂණික සමාගම් සහ රජයයන් එක් ස්ථානයකට එක්ව මෙම වැදගත් සාකච්ඡාව පැවැත්වේ.

මෑතකදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාර වලදී දක්නට ලැබුණ සමාජ මාධ්‍ය භාවිතයත් ඒ සඳහා සමාජ මාධ්‍ය බලපෑමත් මෙහිදී අවධානයට ලක් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + three =