බෝම්බ ප්‍රහාරයෙන් විදේශිකයන් 36ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් රටවල් 13කට අයත් විදේශිකයින් 36 දෙනකු මියගොස් ඇතැයි හඳුනාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි.

චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, ඩෙන්මාර්කය, ජපානය, නෙදර්ලන්තය, පෘතුගාලය, සෞදි අරාබිය, ප්‍රංශය, තුර්කිය, බ්‍රිතාන්‍යය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලට අයත් විදේශිකයන් මෙම සිදුවීමෙන් මියගොස් ඇත.

ඉන්දියානු ජාතිකයන් 11 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 06 දෙනෙකු, ඩෙන්මාර්ක් ජාතිකයන් තිදෙනෙකු, චීන ජාතිකයන් දෙදෙනෙකු, සෞදි අරාබි ජාතිකයන් දෙදෙනෙකු, තුර්කි ජාතිකයන් දෙදෙනෙකු, බංග්ලාදේශ් ජාතිකයෙකු, ජපන් ජාතිකයෙකු, නෙදර්ලන්ත ජාතිකයෙකු, පෘතුගාල ජාතිකයෙකු, ස්පාඤ්ඤ ජාතිකයෙකු, අමෙරිකානු ජාතිකයෙකු, බ්‍රිතාන්‍ය හා අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය සහිත දෙදෙනකු හා ඕස්ට්‍රේලියා හා

ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය සහිත දෙදෙනකු ඒ අතර වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊට අමතරව අදාළ ප්‍රහාරවලින් තවත් විදේශකයින් 12 දෙනකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් විදේශිකයින් 14 දෙනකු තවදුරටත් අතුරුදන්ව ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙතෙක් හඳුනා නොගත් විදේශකයින් හඳුනා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින අතර පීඩාවට පත් විදේශකයින් පිළිබඳ දැනුම්දීම සඳහා 011 232 3015 යන හදිසි දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 17 =