කිම්- පුටින් හමුවීම සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) –දෙරට අතර සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමට උතුරු කොරියානු නායකයා සහ රුසියානු ජනාධිපතිවරයා පොරොන්දු වෙයි. ඒ රුසියාවේ පැවැති ඔවුන් ගේ පළමු හමුවේ දීය.

ව්ලදිවොස්ටොක් වරාය නගරයට ආසන්න රස්කි දිවයිනේ දී මෙම ඓතිහාසික කිම්- පුටින් හමුව සිදු විය. මෙහිදී න්‍යෂ්ටික අවිහරණය පිළිබඳව නායකයින් දෙදෙනා සාකච්ඡා කරනු ඇති බව ක්‍රෙම්ලිනය වාර්තා කළ ද අමෙරිකානු සාකච්ඡා බිඳ වැටීමෙන් පසු උතුරු කොරියානු නායකයා රුසියානු සහය බලාපොරොත්තු වන බව ද ඔවුන් පවසයි‍.

අමෙරිකානු ජනාධිපති සමග මෙන්ම දකුණු කොරියානු ජනාධිපති සමග ද කිම් ජොන්ග්-අන් සාකච්ඡා පවත්වනු ලැබීය. එම සාකච්ඡා යම් මට්ටමක සාර්ථකත්වයක් පෙන්නුම් කළ ද වියට්නාමයේ පැවැති කිම්-ට්‍රම්ප් දෙවැනි හමුව අවසන් වූයේ කිසිදු එකඟතාවයකින් තොරවය.

කිම්ගේ රුසියානු සංචාරය ආරම්භ වන්නේ මෙවන් වාතාවරණයක් යටතේය. සෝවියට් දේශය, උතුරු කොරියාවේ ප්‍රධාන මිතුරු රටක් වන අතර ආධාර, සංස්කෘතික හුවමාරු සහ ආර්ථික සහයෝගිතා මගින් දෙරට අතර දැඩි සබඳතා පවතී.

සුපුරුදු පරිදි ඔහු මේ සංචාරය සඳහා යොදා ගෙන ඇත්තේ ඔහුගේ පුද්ගලික දුම්රියයි. නායක කිම්
ජනාධිපති පුටින් හමු වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

නායක කිම් ජොන්ග් අන් ගේ පියා වන කිම් ජොන්ග්-ඉල් 2011 වසරේ දී එවකට රුසියානු ජනාධිපති වූ දිමිත්‍රි මෙද්වෙදෙව් හමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *