නොරොච්චෝලේ ආරක්ෂාව තර කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – රටේ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින්, නොරොච්චෝල ලක් විජය බලාගාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන්, නාවුක හමුදාව, නොරොච්චෝල පොලිසිය සහ බලාගාරයේ නිලධාරීන් ඇතුළු එහි ආරක්ෂක අංශ එක්ව ඒකාබද්ධ ආරක්ෂක සේවාවක් දියත් කොට ඇතැයි නොරොච්චෝල පොලිස් ස්ථානාධිපත් පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා පැවසීය.

බලාගාරයේ අභ්‍යන්තර ආරක්ෂාව මෙන්ම, බලාගාර පරිශ්‍රයේ ආරක්ෂාවද මෙමගින් තහවුරු කෙරෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *