‘බර්ජ් කලීෆා‘ ශ්‍රී ලංකා ධජයෙන් ආලෝකමත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවෙන් සිහිපත් කරමින් ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායිහි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල මත ශ්‍රී ලාංකික ධජය අලෝක රටා මගින් නිර්මාණය කරමින් එය සිහිපත් කර තිබේ.

බ්‍රහස්පතින්දා (25) සවස් කාලයේ දී මෙලෙස ආලෝක රටා ඔස්සේ ශ්‍රී ලංකා ධජය නිරූපනය කර ඇත.

බර්ජ් කලීෆා ගොඩනැගිල්ල හැරුණු විට අබුඩාබි හී ඇති තවත් විශේෂිත ස්ථානවලද ශ්‍රී ලංකා ජාතික ධජයේ වර්ණවලින් අලෝකමත් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ. එමිරේට්ස් විහාරය, ෂීක් සයිඩ් පාලම, ඇඩ්නැක් ගොඩනැඟිල්ල, කැපිටල් ගේට් ඇතුළු ගොඩනැගිලි කිහිපයක් ද ඒ අතර වූ බව වාර්තා වේ.

මේ අතර නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ ශ්‍රි ලාංකික ප්‍රජාව ද ආගමික වතාවන්ට මුල්තැන දෙමින් වැඩසටහන් සංවිධාන කර තිබිණ. ඊට විශාල පිරිසක් එක්වූ බව දැක්වේ.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ ප්‍රහාරවලින් මියගිය හා තුවාල ලැබූවන්ට ශෝකය පළ කරමින් ලෝකයේ විවිධ ස්ථානවල දී වැඩසටහන් සංවිධාන කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *