බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් කණ්ඩායම් 15ක් විමර්ශන

(කොළඹ, ලංකාපුවත්) – බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ කණ්ඩායම් 15ක් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකරුවන් 70කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකටයුතු ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදි ආරක්ෂක අංශ වලට සහය පළ කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.

එමෙන්ම මේ වනවිට ආරක්ෂාව සඳහා හමුදාවේ දසදහසක පමණ පිරිසක් යොදවා ඇතැයි ද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *