ඉන්දියාවේ IS සොයන මෙහෙයුම් දැඩි කරයි

(කොළඹ, ලංකාපුවත්) – අයි එස් ත‍්‍රස්ත සාමාජිකයින් සොයා ඉන්දියාවේ සිදු කරන මෙහෙයුම් දැඩි කර ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

කේරළ ප‍්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක පසුගිය 28වනදා විශේෂ මෙහෙයුම් සිදු කර ඇත. එරට ජාතික විමර්ශන ආයතනය (NIA) විසින් මෙම මෙහෙයුම දියත් කර තිබේ.

එහි දී සිදු කළ නිවාස පරීක්ෂාවකදී අරාබි බසින් ලියන ලද ලේඛන සහ අයි එස් සංවිධානයට සම්බන්ධ ඩීවීඩී හා වීසීඩී තැටි, ජංගම දුරකතන, ඩිජිටල් උපාංග කිහිපයක් ද සොයාගෙන ඇතැයි වාර්තාවේ. අත්අඩංගුවට පත් වූ සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි.

ඔවුන් ශ‍්‍රී ලංකාවේ සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධදැයි මෙතෙක් අනාවරණ වී නොමැත.

එසේම කේරළ ප්‍රාන්තයේ සිටි පුද්ගලයින් 21දෙනෙකු පසුගිය කාල සීමාවේ දී අතුරුදන්ව ඇති අතර ඔවුන් අයි එස් සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරේ. ඔවුන් අතර කාන්තාවන් සිව් දෙනෙක් සහ දරුවන් තිදෙනෙකු සිටින බවට ද සදහන් වේ.

අයි එස් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ඉන්දියාවේ සිදු කරන මෙහෙයුම් දැඩි කිරීමට හේතු වුයේ ශ‍්‍රී ලංකාවේ පසුගියදා සිදු වූ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *