ඉම්රාන් ඛාන් – චීන ජනපති හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් චීනයේ සංචාරයක නිරත වෙමින් එරට ජනාධිපති ෂි ජින් පිං මහතා හමුවිය.

ඉන්දු- පාකිස්තාන සාමය පිළිබඳව වැඩි අවධානයක් යොමු වූ මෙම හමුවේ දී “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ සහයෝගිතාවල සංකේතාත්මක ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දෙන චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝ සංවර්ධනය පාකිස්ථානයේ ආර්ථිකයට සහ ජනතාවගේ ජීවනෝපායන්ට වැදගත් දායකත්වයත් ලබා දී ඇතැයි අගමැති ඉම්රාන් ඛාන් පැවසීය.

දිගු කාලයක් පුරා පාකිස්ථානයට ලබා දෙන අනුබල පිළිබඳව චීනයට ප්‍රසාදය පළකරන අතර චීනය සමඟ සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කිරීමට, සහයෝගතා පුළුල් කිරීමට සහ බහුපාර්ශ්වික කටයුතුවලදී සමීපව සම්බන්ධීකරණය කිරීමට පාකිස්ථානය කැමැත්තෙන් සිටින බවද මෙහිදී පාකිස්තාන අගමැතිවරයා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *