උතුරු අයර්ලන්තයේ ත්‍රස්ත ප්‍රහාරයකින් මාධ්‍යවේදිනයක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – උතුරු අයර්ලන්තයේ ලංඩන්ඩේරි නගරයේ පසුගිය දා ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාධ්‍යවේදිනියක් ද ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙම ගැටුම පිටුපස නිව් අයි.ආර්. ඒ නම් කණ්ඩායම සිටිය හැකි බව උතුරු අයර්ලන්ත පොලිස් බලධාරීහු පවසති.

මියගොස් ඇත්තේ මාධ්‍යවේදීනි 29 හැවිරිදි ලයිරා මැකී වන අතර මෙම මරණය ඝාතනයක් ලෙස සලකා පරීක්ෂණ කෙරෙන බව සහකාර ප්‍රධාන කොස්තාපල් මාර්ක් හැමිල්ටන් පැවසීය.

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පැවසුවේ මෙම ඝාතනය “කම්පනය ඇති කළ” සිදුවීමක් බවය.
ඩෙරි හි ක්‍රේගන් ප්‍රදේශය පොලිසිය විසින් පරික්ෂා කෙරෙන විට කැරලිකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

පසුව තුවක්කුකරුවෙක් පොලිසිය දෙසට වෙඩි තබා ඇත.

සිදුවීම අතර අසළ සිටි පුද්ගලයෙක් ජංගම දුරකතනයකින් ලබාගත් දර්ශන අනුව පෙනී යන්නේ මුහුණ ආවරණය කරගත් තුවක්කුකරුවෙකු වීථියේ සිට වෙඩි තබන ආකාරයයි. එහිදී පොලිස් වාහනයක් අසළ සිටි මාධ්‍යවේදිනිය තුවාල ලබා ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය ජීවිතක්ෂයට පත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + seven =