(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොටහේන කොච්චිකඩය දේවස්ථානය ඉදිරිපිට දී ඊයේ (28) පෙරවරුවේ විශේෂ දේව මෙහෙයක් පැවතිණ.
මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් එහි දී ද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු පිරිස විසින් පහන් දල්වනු ලැබීය.
එසේම ඔවුන් කොච්චිකඩය දේවස්ථාන ඇතුලත නිරීක්ෂණය කිරීම ද සිදු කළේය.