තවුහිත් ජමාත් සාමාජිකයන් 100ටත් වඩා අත්අඩංගුවේ

(කොළඹ, ලංකාපුවත්) –පූජනීය ස්ථාන ඇතුළු හෝටල් කිහිපයක මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හරිමින් දෙස් විදෙස් අහිංසක මිනිස් ජීවිත 200කට වැඩි ප්‍රමාණයක් බිලිගත් තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 100කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගනිමින් ඔවුන්ගේ සංවිධානයේ සියලු තොරතුරු ‍හෙළිකරගනිමින් ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත් විශේෂ කාර්ය බළකායත් ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුම්වලින් මේ වන විට එම සංවිධානයේ අභිරහස් කටයුතු සියයට හැටකින් පමණ හෙළිකර ගැනීමට හැකිවී තිබේ.

නැගෙනහිර පළාත සහ බස්නාහිරද තවත් ප්‍රදේශ ගණනාවකද සිදුකෙරෙමින් පැවැති එම අභිරහස් සංවිධාන කටයුතු හෙළිදරව් කර ගැනීමේදී මෙම සංවිධානය අම්පාර, සමන්තුරේ, කල්මුණේ, චවලකඩේ, වනාතවිල්ලුව යන ප්‍රදේශවල නිවාස ගණනාවක මෙම සංවිධාන කටයුතු කරගෙන ගොස් ඇති බව හෙළිදරව් වී ඇත.

ස්ථීර වශයෙන්ම සමන්තුරේ ප්‍රදේශයේ නිවාස හතරක පසුගිය බෝම්බ පිපිරවීම් සහ මරාගෙන මැරෙන සාමාජිකයන් පුහුණුකර ඇති බව සම්පූර්ණයෙන්ම හඳුනාගෙන ඇති අතර පෙරේදා ආරක්ෂක අංශ සෝදිසි කිරීම් සිදුකරද්දී ඔවුන් විසින් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ලකරන අවස්ථාවේ සහ ඇතිවූ පිපිරීම්වලින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × one =