සමන්තුරේ-චවලකඩේ-කල්මුනේ ඇඳිරි නීතිය ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –සමන්තුරෙයි, කල්මුණ සහ චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට පනවා තිබු පොලිස් ඇදිරි නීතිය අද (29) පෙරවරු 08.00ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඊයේ(28) පස්වරු 5.00 සිට නැවත දැනුම්දෙන තුරු එම ප්‍රදේශවලට පොලිස් ඇදිරි නීතිය පනවා තිබුණි.

පසුගිය 26 වැනිදා රාත්‍රී කාලයේ කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතර තුර නිවසක සැඟව සිටි සැකකරුවන් පිරිසක් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කර තිබු අතර එහිදි මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගැනීම හේතුවෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − fourteen =