සහරාන්ගේ බිරිඳ සහ දරුවා රෝහලේ

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය 26 වැනිදා කල්මුණේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව සහ දැරිය ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් පාතිමා කාදල් පාතිමා සහ ඇගේ සිව් හැවිරිදි දියණිය බව මේ වන විට බුද්ධි අංශ හඳුනාගෙන ඇත.

27 දා උදෑසන ආරක්ෂක අංශ එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව සහ දැරිය හමු වූ අතර ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ඔවුන් අම්පාර රෝහලට යවා අවශ්‍ය ප්‍රතිකාර ලබාදී තිබේ.

මෙම බෝම්බ පිපිරිම සහ වෙඩි ප්‍රහාර නිසා පිරිමි 04ක් කාන්තාවන් 06ක් සහ දරුවන් 06 දෙනෙකු ඇතුළු 16 දෙනෙකු මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + 2 =